
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයක් දොළුව හලියද්දයේදී ආරම්භ කෙරේ.
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයක් දොළුව හලියද්දයේදී ආරම්භ කෙරේ.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් ක්‍රියත්මක කරන 'රන්මිණි සවිය' වැඩසටහන යටතේ, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දිවයිනම ආවරණය වන අයුරින් ව්‍යාප්ත කරමින් කර්මාන්තයට අදාල වෘත්තිය පුහුණුව ලබාදෙමින් නිපුන ශිල්පීන් හා ව්‍යාපාරිකයින් කර්මාන්තයට හඳුන්වාදීම මෙම වැඩසටහන අරමුණ වේ. එම වැඩසටහන යටතේ මධ්‍යම පළාත් සම්ප්‍රදායික ස්වර්ණාභරණ නිෂ්පාදන ගම්මාන සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ශිල්පීය හා තාක්ෂණික දැනුම ලබාදීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලිමකට අනුව ගම්පොල ප්‍රදේශයේ ස්වර්ණාභරණ කර්මාන්තය සංවර්ධනයට අවශ්‍ය මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ ප්‍රාදේශීය පුහුණු නව මධ්‍යස්ථානයක් ගම්පොල දොළුව ප්‍රදේශයේ ආරම්භ කෙරේ.
ඒ අනුව මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය, දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පුබුදු ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ගේ සංගමය ඒකාබද්ධව දොළුව, හලියද්ද ප්‍රදේශයේ දී කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ජයරත්න මහතා, දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න මහත්මියගේ හා දොළුව සහකාර ප්‍රාදේශීය ලේකම් හර්ෂණ තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) විවෘත කෙරිණ.තවද, මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ගම්පොල තොරතුරු මධ්‍යස්ථානය මගින් ස්වර්ණාභරණ නිෂ්පාදනය ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 04) මට්ටමේ පුහුණු පාඨමාලාව හැදෑරීමට හැකියාව සලසා ඇත.