රාජ්‍ය දේපළ  රැක ගැනීම පොලිසියේ වගකීමක් ,සෙසු රාජ්‍ය ආයතන හා අන්‍යොන්‍ය  අවබෝධයකින් යුතුව ඒ සඳහා මැදහත් විය යුතුයි.- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා

රාජ්‍ය දේපළ රැක ගැනීම පොලිසියේ වගකීමක් ,සෙසු රාජ්‍ය ආයතන හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ඒ සඳහා මැදහත් විය යුතුයි.- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා

රාජ්‍ය දේපළ රැක ගැනීම පොලිසියේ වගකීමක් බවත්, සෙසු රාජ්‍ය ආයතන හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ඒ සඳහා මැදහත් විය යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ පැවසුවේ පසුගිය දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ සම සභාපතිවරයා ලෙස සහභාගී වෙමින් මහනුවර ජාතික රෝහලට අයත් ගසක් සම්බන්ධයෙන් මතුවූ විවාදාත්මක තත්ත්වයක් පිළිබඳ අදහස් දක්වමිනි. අක්කර 54 ක භූමි භාගයක් හිමි මහනුවර මහා රෝහල වර්තමානයේදී භාවිත කරන්නේ අක්කර 28ක් පමණක් බවත්, අනවසර පදිංචිකරුවන් විසින් ඉතිරි අක්කර 26 භුක්ති විඳිනු ලබන බවත් මෙහිදී අනාවරණය විය. මේ තත්වය නිරවුල් කිරීම සඳහා ක්‍රමික වැඩපිළිවෙලක් දියත් කිරීමට කමිටුව තීරණය කෙරිණ. කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ද සහභාගී වූ මෙම කමිටු රැස්වීමට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. එසේම නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ගමනා ගමන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු ද පැමිණ සිටියහ. මෙහිදී දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධති වැඩි දියුණු කිරීම, අතරමඟ නැවතී ඇති සංවර්ධන කටයුතු අවසන් කිරීම, මහනුවර සංචාරක ආකර්ෂණය වෙනුවෙන් වූ විධිමත් යාන්ත්‍රණයක් සැකසීම, අවිධිමත් කසළ බැහැර කිරීම් නවතාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, මහවැලි ගඟ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම වැනි කාරණා සාකච්ඡා කෙරිණ. එසේම විදුලිබල අවශ්‍යතා ඉටු කරලීම, පිඟා ඔයේ රොන් මඩ ඉවත් කිරීම සහ අනතුරුව ලබා ගන්නා වැලි අලෙවි කිරීම, ජල නල එලීමෙන් පසු මාර්ග යථා තත්ත්වයට පත් කිරීම, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපළ අවභාවිතය නවතා ලීම, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දෙන ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම, මහනුවර මහා රෝහලේ භික්ෂු වාට්ටුවේ සෝපානය පිළිසකර කිරීම, ‘අලුත් ගමක් අලුත් රටක්’ වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් ප්‍රගතිය ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනින. තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව හා නිසි කළමනාකරණයකින් යුතුව උපයෝගී කර ගනිමින් මේ දුෂ්කර අවස්ථාවේදී මහජන අවශ්‍යතා ඉටු කරලීමට සියලු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බව යි කමිටු රැස්වීම අවසන සම සභාපතිවරු ප්‍රකාශ කළේ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook