මහනුවර ජාතික රෝහලේ ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්.

මහනුවර ජාතික රෝහලේ ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්.

මහනුවර ජාතික රෝහලේ ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්. මහනුවර ජාතික රෝහලේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (21) පැවැත්විය. අක්කර 54.8 ක භුමි ප්‍රමාණයකින් සමන්විත මහනුවර ජාතික රෝහලට අයත් භූමි ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ආදිය පිලිබඳව පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ රෝහලක් සදහා භූමියක් වෙන්කරනු ලබන්නේ දීර්ඝ කාලීන සැලසුම් අනුකූලව බවත්, එම භූමිය අනවසර ලෙස අත්පත් කරගැනීම ගැටලු සහගත බවයි. එසේම එම භුමි ප්‍රදේශයේ පවතින ගැටලුකාරී තත්වයන්ට අදාලව පියවර ගන්නා ලෙස අදාළ අංශ දැනුවත් කෙරිණි. මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජ්‍යෙෂ්ඨ උපදේශක කහගල සීලානන්ද ස්වාමීන්වහන්සේ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්,පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු , සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, මහනුවර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook