විශිෂ්ටතම ලේඛකයකු වන පියදාස වැලිකන්නගේ  මහතා  වෙත හරසර  පිදේ.

විශිෂ්ටතම ලේඛකයකු වන පියදාස වැලිකන්නගේ මහතා වෙත හරසර පිදේ.

මධ්‍යම පළාතෙන් බිහිවූ විශිෂ්ටතම ලේඛකයකු වන පියදාස වැලිකන්නගේ මහතා වෙත වෙත හරසර පිදෙන සුවිශේෂ විචිත්‍රවත් වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා මාතලේ මහා නගර සභාවේ සම්බන්ධීකරණයෙන් හා මාතලේ මහතලා පුරවැසි උපහාර කමිටුවේ සංවිධායකත්වයෙන් පසුගිය දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. උත්සවය සම්බන්ධිකරණයට මාතලේ දිස්ත්‍රික් සාහිත්‍යකලා සංසදය ද එක්විය. වැලිකන්නගේ මහතා දෙවරක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛකයකු ද වේ. ඒ ‘දෙව්ලොවින් ආ හිඟන්නෙක්’ ළමා ග්‍රන්ථයට හා ‘සුදු සෙවනැලි’ නවකතාවට ය. මේ හැරුණු විට ‘එක් අනුවේදනීය කතාවක්’, රත්තරන් මිනිස්සු’, ‘මුරුගසන් වරුසාවක්’ , ‘නාගහ ළඟ ගෙදර’ ,’ ‘පුන් සඳ වන පුතු’ , ‘කන්දට වැඩිය උස ළමයි’ , ‘එයා හරි අපූරු ළමයෙක්’ වැනි ඔහුගේ නිර්මාණ සාහිත්‍ය කෘති ද සාහිත්‍ය ලෝකයේ ගෞරවයට,සැලකිල්ලට හා සම්මානයට ලක් වූ වාර අනන්ත ය. සාහිත්‍ය විචාරය තුළ ඔහු නිසැක අවධානයකට ලක් වන ලේඛකයකු ද වේ. වැලිකන්නගේ මහතා අසූ නව හැවිරිදි ය. එළඹෙන දෙසැම්බරයේ දී ඔහු අනූ විය සපිරීමට සූදානමින් සිටී. උත්සවය වර්ණවත් කිරීමට ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, ද, සාහිත්‍යකරුවන් ඇතුළු විද්වත් පිරිස් ද සහභාගී වී සිටියහ. මේ අතර රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති නාලක කෝට්ටේගොඩ යන මහත්වරු ද වූහ. උත්සව සභාව අමතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ද, ප්‍රවීණ කලාකරු කරුණාරත්න අමරසිංහ මහතා ද අදහස් දැක්වූහ. දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ හා කෘතහස්ත ලේඛකයකු වෙත උපහාර පුදන්නට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලැබුණු මෙසේ ලැබුණු අවස්ථාව අගය කළා ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook