මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නව පරිවර්තනයක් වෙත ගෙනයාමට නව සැලසුම්.
රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද , වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ.
දරුවන්ට ,දෙමාපියන්ට පාසල් ගුරුවරයා පිළිබදව පවතින ආකල්පයන් නිසා අතිරේක පන්තිවලට අද දරුවන් යොමු කරනවා. ගුරුවරයාගේ වගකීම පාසල තුළ ඉටුවෙනවා නම් මෙලෙස අර්බුදයක් අද ඇති වෙන්නේ නෑ. රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද ,වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා. අද පවතින තරගකාරී විභාග ක්‍රමය තුළ දරුවා මෙන්ම දෙමාපියන්ද පිඩනයට ලක්වන බවත් මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය උදාවී පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නව පරිවර්තනයක් වෙත ගෙනයාමට ගෙන ඇති නව සැලසුම් පිළිබදව ඉකුත්දා (27)මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ජාවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , රාජ්‍ය සේවය තුළ පවතින කාර්ය සාධනය ඇගයීම් ක්‍රමවේදයන් නිරන්තරයෙන් වෙනස්විය යුතුයි . දක්ෂතාවය පදනම් කරගත් ක්‍රමවේදයක් මගින් වගකීම් ඉටුකිරීම වෙනුවෙන් වූ නිසි ඇගයීම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීනව අවශ්‍ය වන බවත් , විදුහල්පතිවරුන්ගේ , ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඇගයීම් ක්‍රමය ද කාලීනව වෙනස් විය යුතු බව පැවසිය.
මෙහිදී අධ්‍යාපන ක්‍රමවේදයන් ගුණාත්මකව ප්‍රවර්ධනය කිරීම , පරිපාලන ක්‍රමවේදයන් අධික්ෂණය , ගුරු විදුහලිපතිවරුන්ගේ ස්ථානමාරුවීම් ක්‍රමවේද , පාසල් පරිපාලනය විදිමත් කිරීම , පාසල් සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේදී පැනනගින ගැටළු , ගුරු භුමිකාවේ වගකීම් සහිත බව ,කාර්යය සාධනය ඇගයීම් ක්‍රමවේද , දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ ක්‍රමවේද , ඇතුළු අංශ රැසක් පිළිබදව කරුණු සාකච්ජා විය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , අධ්‍යාපන අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න , පාලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ , පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් සහභාගී වුහ.
රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද , වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ