
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද කොන්ත්‍රාත් පරිපාලනය හා තාක්‍ෂ සේවා නිලධාරීන්ගේ වගකීම හා කාර්යයභාරය පිළිබඳ පුහුණු වැඩසටහන.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද කොන්ත්‍රාත් පරිපාලනය හා තාක්‍ෂ සේවා නිලධාරීන්ගේ වගකීම හා කාර්යයභාරය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මධ්‍යම පළාතේ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලින කිරීම වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ මහතා විසින් ලබාදෙන ලද අතර මෙම වැඩසටහන සදහා පුර්ණ අනුග්‍රහය UltraTech සිමෙන්ති ආයතනය මගින් ලබාදෙන ලදී. මෙහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවණතා , නව තාක්ෂනය භාවිතා කිරීම , රාජ්‍ය අංශයේ ඉදිකිරීම් අංශයන්හි ක්‍රියාකාරිතවයන් , තාක්ෂණික විශේෂ දැනුම භාවිතය , පවතින කාලින ගැටළු නිරාකරණය සදහා උපාය මාර්ග හා විසදුම් , වෘත්තිය ආචාර ධර්ම , මෙන්ම තාක්ෂණ සේවයේ කාර්යභාරය නිවැරදිව ඉටුකිරීම පිළිබදව දැනුම ලබාදීම සිදු කරන ලද අතර මෙම වැඩසටහන සදහා අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා පලාත් පාලන ආයතනයන්හි සේවයේ නියුක්ත නිලධාරින් 100 දෙනෙකු සහභාගී විය. මෙම අවස්ථාව සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ ,ප්‍රාදේශීය කළමණාකරු නුවන් ලක්ෂිත , තාක්ෂණ ඉංජිනේරු ඩි.ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.