
වත්තේගම අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ දී කනිෂ්ට ආසියානු ශුරිය තරුෂි තරග බිමට.
වත්තේගම අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ දී කනිෂ්ට ආසියානු ශුරිය තරුෂි තරග බිමට.
ක්‍රීඩාවේ රජුන් දැයට දායාද කළ අධ්‍යාපන කලාපය ලෙසින් කිරුළු පළදින මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ කලාප ක්‍රීඩා උළෙලේ ඉතා උත්කර්ශමත් අයුරින් පසුගිය (30) වන දින ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිගන පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
ජාතික ,ජාත්‍යනතර තලයට ක්‍රීඩකයින් රැසක් දායාද කොට ඇති මෙම කලාපය පාසල් ක්‍රීඩා අංශයෙන් දක්වන දක්ෂතාවයන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ විශිෂ්ඨත්වයට වැඩි දායකත්වයක් සපයනු ලබයි. “එක අරමුණක් වෙනුවෙන් එක්ව ගමන් කිරීම” ආදර්ශයක් කොට ගනිමින් වත්තේගම අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ දී කලාපයේ පාසල් සියල්ලේ දායකත්වය ලබා ගනිමින් වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ අධීක්ෂණය හා මගපෙන්වීම මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කොට පැවතුනි.
මෙම ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ක්‍රීඩා සමස්ත බාලිකා ශුරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල සමත් වූ අතර , සමස්ත බාලක ශුරතාවය මදිනා ජාතික පාසල විසින් හිමිකර ගන්නා ලදී. 2023 වර්ෂයේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ලාභී වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න පිදුම් ලැබිය. වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ ෂෙහාන් දිල්රංග ක්‍රීඩකයා පිදුම් ලබන ලදී. (ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ මිශ්‍ර සහය රන් පදක්කම් ලාභී)
මෙම ක්‍රීඩා උළෙල සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ සි.කේ.මායාදුන්නේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , වත්තේගම කලාපයේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා ) සුසන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් , කලාපයේ පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් , ක්‍රීඩා ගුරුවරුන් ,දේමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.