උකුවෙල කුරිවේල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා විද්‍යාලය හා හමීඩියා විද්‍යාලය අතර කලක පටන්  විදුහල් භුමිය පිළිබද ගැටලුව නිරාකරණය කිරීමට පියවර .

උකුවෙල කුරිවේල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා විද්‍යාලය හා හමීඩියා විද්‍යාලය අතර කලක පටන් විදුහල් භුමිය පිළිබද ගැටලුව නිරාකරණය කිරීමට පියවර .

මාතලේ අධ්‍යාපන කොට්ඨාශයේ උකුවෙල කුරිවේල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා විද්‍යාලය හා හමීඩියා විද්‍යාලය අතර කලක පටන් විදුහල් භුමිය පිළිබද ගැටලුව නිරාකරණය කිරීම සදහා මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් පසුගිය දා කරණ ලද නිරීක්ෂණ චාරිකාවකින් පසු නිලධාරීන්ගෙන් විධිමත් වාර්තාවක් කැදවා තිබිණ . ඒ අනුව පසුගිය (28) වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සිංහල/මුස්ලිම් විදුහල්වල විදුහල්පතිවරුන් ,පාසැල් සංවර්ධන සමිති නිලධාරින් ,ආදී ශිෂ්‍ය සංගම් නිලධාරින් හා ගැටලුවට අදාළ රාජ්‍ය නිලධාරින් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. දෙපාර්ශවයේ අදහස් හා කරුණු සලකා බැලීමෙන් පසු පාසල් භුමිය, භුමි දෙකක් ලෙස පැවතීම ප්‍රධාන ගැටලුව බවත් දෙපාර්ශවය මැදිහත්වී ගැටලුව නිරාකරණය කරගැනීම වඩාත් සුදුසු බවත් එසේ නොවන්නේනම් සංහිදියාව වචනයට සිමා නොකොට ක්‍රියාවන් ඔප්පුකිරිම සදහා ත්‍රයිභාෂා පාසලක් ලෙස සංවර්ධනය කිරීමට එකගතාවයකට එන ලෙස ආණ්ඩුකාරතුමන් විසින් විදුහල්පතිවරුන් වෙත යෝජනා කරනු ලැබිය. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමන් කරණ ලද යෝජනාව කාලින කාලෝචිත යෝජනාවක් බවත් එය ක්‍රියාවට නංවන්නට හැකිනම් ලංකා ඉතිහාසයේ සුවිශේෂී තීරණයක් වන බවත් දෙපාර්ශවයේ එකගවන්නේ නම් අවශ්‍ය පහසුකම් සලසා දීමට අමාත්‍යාංශයක් ලෙස කටයුතු කරන බවත් පැවසිය . මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අතුලු රාජ්‍ය නිලධාරින් හා පාසල් සංවර්ධන සමිති නිලධාරින් ඇතුළු පිරිසක් මිට එක්ව සිටියහ . .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook