ළමා ආරක්ෂණය පිලිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.

ළමා ආරක්ෂණය පිලිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන නැණෝදා අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතියේ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව පවත්වනු ලබන ළමා ආරක්ෂණය පිලිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (05) මහනුවර ඩි එස් සේනානායක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම වැඩසටහන ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ මනෝජ් සමරසේකර මහතා විසින් සිදුකරනු ලැබිය . මෙම වැඩසටහන සදහා ඇට්ලස් ලංකා සමාගම විසින් අනුග්‍රාහකත්වය ලබා දී තිබිණ . මෙම වැඩසටහන සඳහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කේ. ජි. එස්. නිශ්ශංක මහතා ,මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය , ඇට්ලස් ලංකා සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු ටිෂාන් ජයශාන්ත මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook