
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල නාගරික කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.
වාර්ෂික සැළසුම්වලට අනුකූලව විධිමත් මුල්‍ය පාලනයක් ඇති කිරීම හා ඊට අදාල ලිපි ලේඛන පවත්වාගෙන යාම තුළින් ප්‍රශස්ත ප්‍රසම්පාදන ක්‍රමයක් ඇතිකර, පළාත් පාලන ආයතනවල ඵලදායිතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල නාගරික කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි.
පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ සම්පත්දායකත්වය පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.එම්.ජී.කේ. බණ්ඩාර මහතා විසින් ලබාදෙන ලදී.