බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන්  දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්. නව ලොව අභියෝග ජයගැනීම සඳහා දරු පිරිසක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වෙමින් රට මුහුණදී සිටින බලශක්ති අර්බුදයට නිසි විසදුම් සෙවීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ යාවත්කාලීන වූ තොරතුරු දරුවන් වෙත ලබාදීමත් අරමුණු කර ගනිමින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ආරම්භය විය. එහි තවත් එක් වැඩසටහනක් 2023-06-28 දින අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලයේදී පැවැත්විණ. වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ඩී.ජී.එස්. ජයසිංහ මහතාගේ සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී ආශා තිලකරත්න මහත්මිය සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook