
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නම් කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් සදහා තොරතුරු පනත පිළිබද දැනුම යාවත්කාලීන කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහනක්.
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නම් කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් සදහා තොරතුරු පනත පිළිබද දැනුම යාවත්කාලීන කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහනක්.
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නම්කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් සදහා තොරතුරු පනත පිළිබද දැනුම යාවත්කාලින කිරීම සදහා වූ විශේෂ පුහුණු වැඩසටහනක් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පසුගියදා (04) සංවිධානය කෙරිණි.තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඩි .සි. දිසානායක ,එහි සාමාජිකයින වන ජගත් ලියනආරච්චි, ඒ.එම්.නහියා හා නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. තොරතුරු නිලධාරින් පත් කිරීම සහ ඔවුන්ගේ භූමිකාව පිළිබද විශේෂ දේශනයක් නීතිඥ ජගත් ලියනආරච්චි මහතා විසින් සිදු කරන ලදී.මධ්‍යම පළාත් සභාවට අදාළ තොරතුරු පනතේ ප්‍රතිපාදන භාවිතය පිළිබද කරුණු ඉදිරිපත් කිරීමක් නියෝජ්‍ය ලේකම් පිරිස් හා පුහුණු චන්දන වික්‍රමසුරිය මහතා විසින් සිදු කරන ලදී .තොරතුරු පනත් භාවිත කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන් නිලධාරින් කරුණු ඉදිරිපත් කිරීමත් පසු කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඒ සදහා විසදුම් හා යෝජනා ලබාදෙන ලදී . චන්දන වික්‍රමසුරිය මහතාගේ මඟපෙන්වීම සහ මෙහෙයවීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටි.පී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වය මත මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සදහා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරු ,ආයතන ප්‍රධානින් සහ පළාත් පාලන ආයතනවල නම්කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.