සූර්ය බලශක්ති පැනල හා වීදි ලාම්පු නඩත්තු කර පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

සූර්ය බලශක්ති පැනල හා වීදි ලාම්පු නඩත්තු කර පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

සූර්ය බලශක්ති පැනල හා වීදි ලාම්පු නඩත්තු කර පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්. මධ්‍යම පළාතේ ජනතාව අතර විකල්ප බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් රාජ්‍ය ආයතනවල සූර්ය බලශක්ති පැනල පද්ධති ස්ථාපනය කර ඇති අතර සූර්ය බලශක්ති වීථී ලාම්පු මධ්‍යම පළාතේ සියලු පළාත් පාලන බල ප්‍රදේශ ආවරණය පරිදි ස්ථාපනය කර ඇත. එම සූර්ය බලශක්ති පැනල පද්ධති ස්ථාපනය කර ඇති රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා වීථි ලාම්පු ස්ථාපනය කර ඇති ස්ථාන අයත් පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා සූර්ය බලශක්ති පැනල පද්ධති නඩත්තු කර පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ, ඉංජිනේරු මධූශංඛ බාලසූරිය මහතාගේ සම්පත්දායකත්වයෙන් පසුගියදා (07) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook