මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වල සේවයේ නියුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ  සේවාවේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වල සේවයේ නියුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සේවාවේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වල සේවයේ නියුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සේවාවේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පසුගිය (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. බඳවා ගැනීම්, උසස්වීම් ලබාදීම් හා මෙම සේවාවේ හි පවතින ගැටළු මෙහිදී සාකච්ඡාවට බඳුන් කළ අතර බඳවා ගැනීමේ පරිපාටිය තුළ පවතින ගැටළු නිරාකරණය කරමින් කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා අදාළ අංශ වෙත මෙහිදී උපදෙස් ලබා දෙන ලදී. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පැවසූයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක සේවය මගින් විශාල කාර්යභාරයක් ඉටු වන බවත්, මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරනු ලබන සේවාවන් ගැටලුවකින් තොරව ලබා දීමට පසුබිම උදා කිරීම නිරන්තරයෙන් සිදු කරන බවත් පැව සීය. එසේම නිලධාරීන්ගේ ගැටලු විසඳෙනවා වගේම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වැඩි මැදිහත්වීමක් සිදු කළ යුතු කාලයක් උදා වී ඇති බවත් අද වනවිට මහජනතාවට වස විස මුසු වූ ආහාර පාන ලබා ගැනීම ට සිදුවීම ඛේදවාචකයක් බවට පත්වී ඇති බවත් ජනතාව ඉන් මුදවා ගැනීමට පිළියම් යෙදීම කාලීන අවශ්‍යතාවයක් බවත් පැවසීය. එම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනී එස් ප්‍රේමචන්ද්‍ර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසූරිය, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර , මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook