
ඵලදායීතා සංකල්ප පිළිබද පුහුණු වැඩසටහනක්
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ කටුයුතු විධිමත්ව හා කාර්යක්ෂමව ඉටුකිරීම අරමුණු කර ගනිමින් ,නව සංකල්ප භාවිතා කිරීම සදහා නිලධාරීන්ගේ විෂය දැනුම පුළුල් කිරිම වෙනුවෙන් සංවිධානය කරන ලද ඵලදායීතා සංකල්ප පිළිබද පුහුණු වැඩසටහනක් පසුගියදා (14) පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පලදායිතා සංවර්ධන නිලධාරි අමිල ප්‍රභාත් අතුකෝරළ මහතා විසින් ලබාදෙන ලද අතර අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරින් මෙම වැඩසටහන සදහා සහභාගී විය.