දුම්බර බන්ධනාගාරය ආශ්‍රිතව අපවිත්‍ර ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය සදහා යෙදු විසදුම් පිළිබදව සොයා බැලේ.

දුම්බර බන්ධනාගාරය ආශ්‍රිතව අපවිත්‍ර ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය සදහා යෙදු විසදුම් පිළිබදව සොයා බැලේ.

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය ආශ්‍රිතව (බෝගම්බර) අපවිත්‍ර ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය සදහා යෙදු විසදුම් පිළිබදව සොයා බැලීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පල්ලෙකැලේ බන්ධනාගාර භුමියේ නිරීක්ෂණ චාරිකාවක අද දින (18) නිරත විය. පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය ආශ්‍රිතව අපවිත්‍ර ජලය බැහැර කිරීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ජල මූලාශ්‍රය අපිරිසිදු වීම හා මේ ආසන්නයේ පවතින තායි ගම්මානයේ ජන ජිවිතයට සිදුවන පීඩාවන් පිළිබදව පසුගියදා මාධ්‍ය මගින් සිදු කරන ලද අනාවරණයන් අවධානයට ලක්කල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරලලිත් යු ගමගේ මහතා ඒ පිළිබදව සොයා බලා අදාළ අයතනවෙත මස දෙකක කාලයක් තුළ එම ගැටලුව සදහා විසදුම් ලබාදෙන ලෙස දන්වන ලදී. ඒ අනුව දෙමසක කාලයකින් අනතුරුව එම සිදුවීමේ ප්‍රගතිය සොයා බැලීම සදහා ආණ්ඩුකාරවරයා අද දින (18) පල්ලෙකැලේ බන්ධනාගාරය ඇතුලත නිරීක්ෂණයක නිරත විය. අනතුරුව මෙම ගැටලුව සදහා ගෙන ඇති විසදුම් සාධනීය බවත්, බන්ධනාගාරය පිටත ප්‍රදේශයන් නිරීක්ෂණයේදී පවතින ගැටලු නිරාකරණය කිරීම සදහා කඩිනමින් පිළියම් යොදන ලෙස ද දන්වන ලදී. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) ඩබ්ලිව්.වික්‍රමසිංහ, දුම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි (බෝගම්බර) එස්.පල්ලේතැන්න , කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ආතාවුද යන මහත්ම මහත්මීන් , ජලාප්‍රවාහන හා ජලසම්පාදන මණ්ඩලය,සෞබ්‍යය අංශයන් , ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසින් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook