
''දැනුවත්ව දිනවමු දරුවන්”මහමායාවට.
''දැනුවත්ව දිනවමු දරුවන්”මහමායාවට.
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් පවතින නිතින් ක්‍රියාතන්මක කළ යුතුයි. පාසල් දරුවන්ගේ පැමිණීම 80 % අනිවාර්යයෙන් සලකා බැලිය යුතුයි. මොකද අපි පාසල් අධ්‍යාපනය තුළ වෙනත් බාහිර පුද්ගලයින්ට දරුවන්ගේ අධ්‍යාපනය මගින් තමන්ගේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට හැකියාවක් ලබාදිය යුතු වන්නේ නෑ. ඒ වාගේම ගුරු භුමිකාව තුළ තමාගේ පාසලේ තමන්ගේ විෂය පථය නිසි කාලයට විෂය නිර්දේශය අවසන් කිරීමේ වගකීම ද හරියට ඉටුකළ යුතුයි. සාරධර්මයෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දෙමාපියන් ලෙස දරුවන්ට පරිසරය තුළ ජිවත් වෙන්න අවස්ථාව ද ලබාදිය යුතුයි. ජීවිතය හා භාවිතය දරුවාට හුරුකිරීම කාලින වු අවශ්‍යතාවයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසිය. ඒ මහතා මෙලෙස පැවසුයේ අද දින (19) මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ පැවති “දැනුවත්ව දිනවමු දරුවන්” වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
මෙම වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයක් මත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වැඩසටහන මහමායා බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් ගේ දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කොට පැවතුනි.
වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රවීන දේශක ,නීතිවේදී ගාමිණී විජේවර්ධන මහතා විසින් සිදුකළ අතර මෙම අවස්ථාව සදහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් ,මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ ,හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ ,මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති ශෂිකලා සේනාධීර යන මහත්ම මහත්මීන් හා ගුරුවරුන් ,දෙමාපියන් සහභාගී වුහ.