
මධ්‍යම පළාත් සමුපකාර සංසදයේ සභාපතිවරුන්ගේ විශේෂ මහා සභා රැස්වීමක්.
මධ්‍යම පළාත් සමුපකාර සංසදයේ සභාපතිවරුන්ගේ විශේෂ මහා සභා රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (19) පැවැත්විණ.
මෙහිදී සමුපකාර සමිති 42ක් සහභාගිත්වයෙන් සකස් කරනු ලැබූ ඉදිරි සංවර්ධන කටයුතු ඇතුළත් සංදේශයක් සමූපකාර සභාපතිවරුන් විසින් ආණ්ඩුකාරතුමන් වෙත භාර දෙනු ලැබීය. එහිදී අදහස් දැක්වූ ගමගේ මහතා සමූපකාර ව්‍යාපාරයේ මෙහෙය අගය කළ අතර සමුපකාර ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු සඳහා සාකච්ඡාමය විසදුමකට එළඹිය යුතු බවත් සදහන් කළේය.
ඒ සදහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙමින් සමූපකාර ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමට කටයුතු කිරීම සැමදෙනාගේ වගකීම බවත් එතුමන් සදහන් කළේය.එසේම නීත්‍යානුකූලව ප්‍රඥප්තියට අනුකූලව තීන්දු තීරණ ගැනීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, මනාව සවන්දීම හා වඩා හොද මහජන සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් විවිධ සේවා සමූපකාර සංසදයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික , සමූපකාර සමිති සභාපතිවරුන් හා සාමන්‍යාධිකාරීවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.