මධ්‍යම පළාතේ ගෙවල් කුලී මණ්ඩලයට සාමාජිකයන් පත් කෙරේ.

මධ්‍යම පළාතේ ගෙවල් කුලී මණ්ඩලයට සාමාජිකයන් පත් කෙරේ.

මධ්‍යම පළාතේ ගෙවල් කුලී මණ්ඩලයට සාමාජිකයන් පත් කෙරේ. මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කුලී නිවැසියන් ගේ නීතිමය සේවා සහයක සංවිධානයක් ලෙස ක්‍රියාත්මක ගෙවල් කුලී මණ්ඩලය සදහා සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කෙරේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේ දී අදාළ පත්වීම්ලාභින් වෙත පත්වීම් ලිපි පිරිනමනු ලැබිය. මහනුවර ගෙවල් කුලී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නීතිඥ ඒ එම් බණ්ඩාරනායක මහතාත්,සාමාජිකයන් ලෙස එම්.ජි සමරවීර, එච්. කේ.ජි ප්‍රේමරත්න, පී.කේ.ඩබ්ලිව් ටිකිරි බණ්ඩා යන මහත්වරුන් පත් කරනු ලැබිය. මාතලේ ගෙවල් කුලී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ නීතිඥ චම්පික විජේරත්න මහතාය. ගාමිණි ජයසුරිය, ගාමිණි පියතිලක, නිමල් කරුණාතිලක යන මහත්වරුන් සෙසු සාමාජිකයන් වේ.නීතිඥ සංජිව ෆොන්සේකා මහතා නුවරඑලිය ගෙවල් කුලී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කොට ඇති අතර, ආර්.එම් දයානන්ද, ඒ කේ ජිනසේන සහ ආර්. ජෙය ප්‍රේම්දාස් යන මහත්වරුන් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කොට ඇත. පත්වීම් ලිපි ප්‍රදානය කල අවස්ථාවට පළාත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන සහ ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් විය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook