ඉන්දියානු නිදහස් දිනය සැමරේ.

ඉන්දියානු නිදහස් දිනය සැමරේ.

ඉන්දියානු නිදහස් දිනය සැමරේ 77 වන ඉන්දියානු නිදහස් දින සැමරුම නිමිත්තෙන් මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා (15) මහනුවර , සහකාර ඉන්දියානු මහා කොමසාරිස් නිල නිවාස පරිශ්‍රයේදී චාම් හා අභිමානවත් අයුරින් පැවැත්විණි. මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආරම්භ වූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා යි. හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද, හිටපු මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ද සමඟ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ඉන්දියානුන් රජයේ නිදහස් දින සැමරුම් ප්‍රකාශය මහනුවර සහකාර ඉන්දියානු මහා කොමසාරිස් වෛද්‍ය එස්.අතීරා මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා ය. මෙරට දරු දැරියන්ගේ නර්තන, ගායන හා වාදන කිහිපයකින්ම උත්සවය වර්ණවත් විය. මහනුවර සහකාර ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ මේ උත්සවයට ඉන්දියානු ජාතිකයන් පිරිසක් ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook