විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්.

විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්.

විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්. මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා විවිධ ආයතන විගණනය විසින් ඉදිරිපත් කරනු ලබන විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා එහිදී මතුවන ගැටලු සම්බන්ධයෙන් පළාත් සභා ජ්‍යෙෂ්ඨ හා මාණ්ඩලික නිලධාරීන් ද, විෂය භාර නිලධාරීන් ද දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය (18) පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඩබ්ලිව්. එම් . ජේ.එම් .හුණුකුඹුර මහත්මිය හා විගණන අධිකාරි ජේ.සී.එස්. පෙරේරා මහත්මිය විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වැඩසටහන සංවිධානය කළේ පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ උපදෙස් පරිදි හා පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසූරිය මහතාගේ මඟ පෙන්වීම යටතේ පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිනි දෙහිගොල්ලේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය යි. මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ද, පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටියහ. පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, සභා ලේකම් කාර්යාලය , පළාත් අමාත්‍යංශ , දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල හා පළාත් පාලන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් විශාල පිරිසක් වැඩසටහනට සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook