ලංකාවේ උසම ගම ගොඩනගන්න කොරියානු විශ්ව විද්‍යාල සිසුන් නුවරඑළියට.

ලංකාවේ උසම ගම ගොඩනගන්න කොරියානු විශ්ව විද්‍යාල සිසුන් නුවරඑළියට.

ලංකාවේ උසම ගම ගොඩනගන්න කොරියානු විශ්ව විද්‍යාල සිසුන් නුවරඑළියට. කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමගාමීව සහභාගිත්ව වැඩසටහන් මාලාවක් පැවැත්වීම සඳහා පැමිණි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා අතර හමුවක් පසුගිය (21) පැවැත්විණ. නුවරඑළියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මෙම සිසුන් පිරිස පිළිගැනීමෙන් අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික්කය පිළිබඳව මූලික හැඳින්වීමක් එහිදී සිදු කරන ලදී. අනතුරුව කොරියානු නියෝජිත පිරිස විසින් සතියක කාල සීමාව තුල ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ක්‍රියාකාරකම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කරන ලදි. මෙම අවස්ථාව සඳහා සෙමාවුල් පදනමේ මෙරට අධ්‍යක්ෂ චෝයි සන් මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ සිසුන් පිරිසක්ද සහභාගි වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook