
මධ්‍යම පළාත් නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් පත්කෙරේ.
මධ්‍යම පළාත් නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් පත්කෙරේ.
මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් දෙදෙනෙකු මෙලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු. ගමගේ මහතා විසින් අණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පසුගිය (08) පත්කර කර ඇත.
මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය ගෙවල්කුලී මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතීඥ උචිත එස් බණ්ඩාර මහතාත්, මධ්‍යම පළාත් සභාවේ මාතලේ ගෙවල්කුලී මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතීඥ නිමල් ද සේරම් මහතාත් පත්කෙරුණු අතර එම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් විය.