''නැණ  ගුණ වැඩුමට අත්වැලක්'' සමාරම්භක වැඩසටහන විල්ගමුවේදී.

''නැණ ගුණ වැඩුමට අත්වැලක්'' සමාරම්භක වැඩසටහන විල්ගමුවේදී.

''නැණ ගුණ වැඩුමට අත්වැලක්'' සමාරම්භක වැඩසටහන විල්ගමුවේදී. මධ්‍යම පළාතේ දුෂ්කර පාසල් ඉලක්ක කරගෙන එම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “ නැණ ගුණ වැඩුමට අත්වැලක්” වැඩසටහනෙහි සමාරම්භක වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි. රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවධියක අධ්‍යාපනය නගාසිටුවීම සඳහා මෙම වැඩසටහන මගින් දායකත්වයක් සැපයෙන අතර අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ඌණතාවයන් පවතින පාසල් වෙත ශක්තියක් විය හැකි පාසල්වල උපකාර ලබා ගනිමින් සහෘදත්වය තුළින් අධ්‍යාපනය සංවර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙහි සමාරම්භක වැඩසටහනෙහි දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 11- B ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 17 කට ආසන්න වටිනාකමෙන් යුත් පාසල් උපකරණ පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලය, ලේල්ඔය ප්‍රාථමික විද්‍යාලය සහ කහගල ප්‍රාථමික විද්‍යාලය යන පාසල් ත්‍රිත්වයෙහි දරුවන් 113 දෙනෙකු වෙත බෙදා දෙන ලදී. අම්බලන්ගොඩ කලාපයේ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම පෙරේරා මහත්මියගේ මගපෙන්වීම යටතේ මනෝජ් නුවන් ඕපාත මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක “ දම්සෝ අත්වැල” ව්‍යාපෘතියට සමගාමිව මෙම සත්කාර්යය ක්‍රියත්මක කර ඇත. ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් විසින් මධ්‍යම පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් ලබා දෙන සහයෝගය අගයනු ලැබිය. එසේම ගුරුවරයා දරුවන්ගේ සාර්ථකත්වයට මඟපෙන්වන මාර්ගෝපදේශකයකු විය යුතු බවද සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා නැණ ගුණට අත්වැලක් වැඩසටහන කාලීනව ඉතා වැදගත් වූ වැඩසටහනක් බවත් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළේය. නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලැබුවන් ලෙස අප අපගේ යුතුකම හා වගකීම නැවත පෙරළා රට ජාතිය වෙනුවෙන් ඉටු කළේද යන්න නැවත හැරී බැලිය යුතු කාලය එළැඹ ඇති බවද එතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. පාසල් දරුවන්ගේ නර්තන කුසලතාවන්ගෙන්ද සමන්විත මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එස්. නිශ්ශංක, ලග්ගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. පී. කරුණාරත්න, ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධිකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ යන මහත්වරුන්, පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, අම්බලන්ගොඩ ධර්මාශූක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ගුරුභවතුන්, දෙමාපියන් හා සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook