ඉදිකිරීම් තාක්ෂණය පිළිබද පුහුණු වැඩසටහනක්.

ඉදිකිරීම් තාක්ෂණය පිළිබද පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාතේ පළාත් පලාන ආයතනයන්හි සේවයේ නියුක්ත කාර්යය මණ්ඩලය සදහා නව දැනුම ලබාදෙමින් කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද ඉදිකිරීම් තාක්ෂණය පිළිබද පුහුණු වැඩසටහනක් පසුගියදා (08) පළාත් පලාන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවයාලතැන්න සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණ. TOKYO CEMENT පුද්ගලික ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා පළාතේ පලාත් පාලන ආයතනය 47ක සේවයේ නියුතු වැඩ අධිකාරිවරුන් , කාර්මික නිලධාරින් , තාක්ෂණ සහයක නිලධාරින් සිය දෙනෙකු සහභාගී විය. මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මගපෙන්වීම මත පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් ප්‍රාදේශීය පරිපාලනයේ සේවාවන් කාර්යක්ෂම ලබාදීම වෙනුවෙන් දැනුම යාවත්කාලින කිරීම ,නව දැනුම ලබාදීම හා පවතින ගැටළු සදහා විසදුම් ලබාදීම මෙහිදී සිදු කරන ලද අතර මේ සදහා සම්පත්දයකත්වය TOKYO CEMENT පුද්ගලික ආයතනයේ ඉංජිනේරු , උපදේශක පවිත්‍ර ජයතිලක , තාක්ෂණ කළමනාකරු රුවන් බණ්ඩාර විජේසුරිය , යන මහත්වරුන් විසින් ලබාදෙන ලදී. මෙම අවස්ථාව සදහා පළාත් පලාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර , TOKYO CEMENT පුද්ගලික ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරු භානුක සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook