කර්මාන්ත ප්‍රදර්ශනය මහනුවරදී.

කර්මාන්ත ප්‍රදර්ශනය මහනුවරදී.

කර්මාන්ත ප්‍රදර්ශනය මහනුවරදී. Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ජාවක් ඉකුත්දා (15) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැගීම වෙනුවෙන් කර්මාන්ත නවෝදයක ආරම්භය සටහන් කරමින් දෙවන පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය ලෙස මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කොට ඇත. මෙම සාකච්ජාවේදී සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි දායකත්වය,ආරක්ෂක කටයුතු , පවතින වෙනත් ගැටළු හා ඇතුලත්විය යුතු විශේෂ අංශයන් පිළිබදව කරුණු සාකච්ජාවට බදුන් විය. ඔක්තෝබර් 6,7,8 දිනවල මහනුවර බෝගම්බර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත මෙහි ප්‍රදර්ශන කුටි 300 අධික ප්‍රමාණයක් කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් අන්තර්ගත වේ. දේශීය හා විදේශීය වෙළදපොල ජය ගැනීමට අවස්ථාව උදා කිරීම , දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීම හා පළාතේ කර්මාන්ත අංශය ශක්තිමත් කිරීමට පදනමක් ගොඩනැගීම හා අනාගත පරපුර කර්මාන්ත අංශය වෙත යොමුකරවීමේ අභිලාෂයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය පිළිබද සාකච්ජාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක ,ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ආරක්ෂක අංශ , දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook