මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවට නව සභාපතිවරයෙක්.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවට නව සභාපතිවරයෙක්.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවට නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පත් කර තිබේ. ඒ අනුව නව සභාපතිවරයා වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී 18 දින සිදුවිය.එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ පරිපාලන සේවයේ වසර ගණනාවක් කටයුතු කරමින් ලද අත්දැකීම් සමගින් වඩා හොද රාජ්‍ය සේවයක් පළාත තුළ ස්ථාපිත කිරීමේ අපේක්ෂාව සහිතව මෙම පත්වීම සිදු කළ බවයි. පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී.ජී.අමරකෝන් මහතාගේ සේවය අගය කිරීමට ද පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී කටයුතු කළේය.මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook