පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කථන හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කථන හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කථන හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මෙහි එක් අංගයක් ලෙස සංවිධානය වූ ඉංග්‍රීසි කඳවුරුක් පසුගිය දා පැවැත්විණ. මෙම වැඩසටහනේදී 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා වූ පන්තිවල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කථන හැකියාව වැඩිදියුණු කිරීම පියවර ගෙන පැවති අතර , මෙම කදවුර ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත අංගවලින් සමන්විත විය. දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කථන හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් නුතනයේ භාවිතා වන ශිල්ප ක්‍රම මෙහිදී භාවිතා කර පැවති අතර මෙම වැඩසටහන ඉදිරියේදී මහනුවර අධ්‍යාපන කලාපයේ පවතින සියළු පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කොට ඇත.ඉංග්‍රීසි විෂයභාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති ප්‍රියදර්ශනී මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්පත් දායක මණ්ඩලයක් මගින් මෙම වැඩසහටන මෙහෙයවීම සිදුකරන ලද අතර මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මියගේ සංකල්පයක් මත මහනුවර අධ්‍යාපන කලාපය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook