
සරසවි වරම් හිමිකරගත් තැන්න විද්‍යාලයේ දරුවන් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට
සරසවි වරම් හිමිකරගත් තැන්න විද්‍යාලයේ දරුවන්
මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට
සරසව් වරම් හිමිකරගත් මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහන “අකුරෙන් දැල්වූ පහන් - සිසු ප්‍රතිභා 2023” මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී (4) පැවැත්විය.
ඒ අනුව, අපොස උසස් පෙළ කලා අංශයෙන් මාතලේ දිස්ත්‍රික් තෙවන හා පස්වන ස්ථාන ද ඇතුලත් ව සරසවි වරම් හිමිකරගත් සිසුන් සිව් දෙනෙකු මෙලෙස ඇගයීමට ලක් වූ අතර, මෙහිදී සමස්ත ලංකා පාසල් 16 පහළ හොකී ශූරතාව දිනාගැනීමට සමත් වූ මෙම විදුහලේ දරුවන් හට සහතික පත් හා පදක්කම් පිරිනමමින් ඔවුන් ඇගයීමට ලක් කිරීම ද සිදුවිය. එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ දැනුමෙන් කුසලතාවයෙන් වගේම සාරධර්ම වලින් පිරිපුන් දරුවන් බිහි කිරීම බවත්, නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලබා රට වෙනුවෙන් තම යුතුකම් පැහැරහැරීම අනුමත කළ නොහැකි බවයි. පවතින තරඟකාරී පරිසරය තුල දරුවන් තරඟයක නිරතවීම දැකිය හැකි බවත්, ආත්මාර්ථකාමීත්වයෙන් තොර වූ යහපත් දරුවෙකු වෙනුවෙන් විභාග ක්‍රමය මත පමණක් සීමා නොවූ අධ්‍යාපන පද්ධතියක අවශ්‍යතාවය පවතින බවත්, එමගින් වඩා යහපත් ප්‍රතිඵල අත්පත් කරගත හැකි වන බවත්, උසස් පෙළ සමත් වූ සියලු දරුවන්ට තම රුචිය පරිදි උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා අවස්ථාවක් උදාකාරදීම වැදගත් වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජයන්ති ජයසූරිය , තැන්න මහා විද්‍යාලයේ විදුහල්පති ඉන්දික ගල්කොටුව, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ යන මහත්ම මහත්මීන් ද එක් විය.