
මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදලින් ප්‍රතිලාභ රැසක්.
මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදලින් ප්‍රතිලාභ රැසක්
මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාමික වැටුප් අරමුදලේ ප්‍රගති සමාලෝචන රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (05) පැවැත්විණි. එහිදී සාමාජිකයන්ට හිමිවන සුභසාධන ප්‍රතිලාභ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය. ඒ අනුව මරණ පාරිතෝෂිකය වශයෙන් සාමාජිකයා වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් ද කාලත්‍රයා වෙනුවෙන් රුපියල් හැත්තපන් දහසක්ද විශ්‍රාමික සාමාජිකයා වෙනුවෙන් රුපියල් පනස් දහසක මුදලක්ද ලබාදේ. එසේම දිනක රෝහලේ නේවාසික දීමනාව වශයෙන් රුපියල් දාහක් ලබාදෙන අතර හෘද සැත්කම් හා වකුගඩු සැත්කම් දීමනා සඳහා රුපියල් ලක්ෂ පහක් ද ඇස් කණ්ණාඩි සඳහා වන දීමනා වශයෙන් රුපියල් හයදහසක මුදලක්ද ප්‍රතිලාභ හිමිවේ.සමූපකාර සේවකයාගේ රැකියාවේ හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම විශ්‍රාම වැටුප් අරමුදලෙ අරමුණයි.