ශ්‍රී ලංකාවේ ප්‍රථම පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික සම්පත් මධ්‍යස්ථානය පිළිමතලාවේ ස්ථාපිත කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික සම්පත් මධ්‍යස්ථානය පිළිමතලාවේ ස්ථාපිත කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (07) මහනුවර පිළිමතලාවේ දී සිදු කෙරෙන. පිත්තල කර්මාන්තයේ නියුක්ත ව්‍යවසායකයින් වෙත සේවා හා පහසුකම් රැසක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම ජාතික තාක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කොට ඇති අතර ලංකාවේ ආරම්භ කරන ලද ප්‍රථම පිත්තල කර්මාන්ත තාක්‍ෂ සංවර්ධන ජාතික මධ්‍යස්ථානය මෙය වේ. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , ජාතික ශිල්ප සභාව , මධ්‍යම පළාත් සභාව, එක්ව මෙම මධ්‍යස්ථානයෙන් සේවා සැපයීම සිදුකරයි. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමේ අපේක්ෂාවෙන් ඒ සදහා නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම මගින් කර්මාන්ත අංශයෙන් වැඩි දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම මධ්‍යස්ථානය මගින් ව්‍යවසායකයින් ගේ තාක්ෂණික අවශ්‍යතාවයන් , අමුද්‍රව්‍ය අවශ්‍යතාවයන් හා වෙළදපොල අවශ්‍යතාවයන් ඉටුකරදීමට මැදිහත්ව කටයුතු කිරීමට පියවර ගෙන ඇත. වාත්තු පස් සකස් කිරීම,ලේත් කිරීමේ පහසුකම් ලබාදීම , නව තාක්ෂනය යොදා ගැනීම , ත්‍රිඩි තාක්ෂනය කර්මාන්තය බද්ධ කිරීම, නව තාක්ෂණික දැනුම ව්‍යවසායකයින් වෙත ලබාදීම , අමුද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සම්පාදනය යන අංගයන් ගෙන් සේවා පහසුකම් ලබාගත හැකිවේ.මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ නියැලෙන විශාල පිරිසක් වෙසෙන අතර දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් විදේශ විනිමය රටට ලබාදීම වෙනුවෙන් වැඩි දායකත්වයක් මේ ක්ෂේත්‍රයෙන් ලබාගැනීමට අපේක්ෂිතය. මෙම අවස්ථාව සදහා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , මහනුවර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රී රංජිත් බණ්ඩාර , හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනි කෝන්ගහගේ , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook