පාසල් දරුවන්ගේ කුසලතා හා පෝෂණය ඉහල නැංවීමට දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් මධ්‍යම පළාතෙන් ඇරඹේ .

පාසල් දරුවන්ගේ කුසලතා හා පෝෂණය ඉහල නැංවීමට දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් මධ්‍යම පළාතෙන් ඇරඹේ .

පාසල් දරුවන්ගේ කුසලතා හා පෝෂණය ඉහල නැංවීමට දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් මධ්‍යම පළාතෙන් ඇරඹේ . පාසල් දරුවන්ගේ කුසලතා හා පෝෂණය ඉහල නංවීමට දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් වන 'බොදු උදාන' පාසැල් සිසු දරුවන්ගේ අධ්‍යාපනය හා කුසලතා සංවර්ධන ව්‍යාපෘතිය මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම සදහා සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව, දම්සවිය ජාත්‍යන්තර පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී (11) පැවත්විය. ‍එහිදී වැඩසටහනේ අරමුණ, වැඩසටහන් සැලසුම් සහ අනාගත වැඩපිලිවෙල සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර, මෙම ව්‍යාපෘතිය යටතේ පන්ති කාමරය තුල ප්‍රධාන විෂයන් සදහා අඩු කුසලතාවයක් පෙන්නුම් කරනු ලබන දරුවන් සදහා විශේෂ අවධානය යොමුකරමින් සෙනසුරාදා දින තෝරාගත් රජයේ පාසල් වල ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් අමතර ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර, දරුවන් වෙනුවෙන් වි‍ශේෂ පෝෂණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, කාලීනව ඉතා වැදගත් වු මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම සදහා මධ්‍යම පළාත තෝරාගැනීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර සිටින බවයි. පාසල් පද්ධතිය තුල ඉගෙනුම සදහා යම් දුර්වලතාවයක් දක්වන දරුවන් සදහා සවියක් වෙමින් ඔවුන්ව ඉදිරියට ගෙනයෑම ඉතා අගනා කර්තව්‍යයක් බවත්, පාසල් ගුරුවරුන් තම පන්තියේ දරුවන් සදහා මුදල් ලබාගෙන අමතර පන්ති පැවැන්තවීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් ලෙස තමා හදුනාගත් බවත් ඒ අනුව පළාතක් වශයෙන් ප්‍රථම වරට තම පන්තියේ දරුවන්ට මුදල් ලබාගෙන අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමේ තීරණය තමා විසින් ලබාගත් බවත්, තව දුරටත් එම නියෝග උල්ලංඝනය කරමින් යම් ගුරුවරයෙක් කටයුතු කරන්නේනම්, ඔවුන් සදහා විනයානුකූල පියවර ගැනීමට උපදෙස් ලබා දි ඇති බවත් මෙහිදී එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය. මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, ‍දම්සවිය ජාත්‍යන්තර පදනමේ මෙහෙයුම් කළමනාකරු සහන් මොරවක, දම්සවිය ජාත්‍යන්තර පදනමේ මාධ්‍ය ලේකම් සමන්ත කුමාරගේ යන මහත්ම මහත්මීන් ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook