මහනුවර මහනාම විද්‍යාලයේ අවධානම් ගොඩනැගිලි මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.

මහනුවර මහනාම විද්‍යාලයේ අවධානම් ගොඩනැගිලි මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.

මහනුවර මහනාම විද්‍යාලයේ අවධානම් ගොඩනැගිලි මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට. මහනුවර මහනාම විද්‍යාලයේ අවධානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලැබූ ලිපියකට අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා‍ එම පාසල් පරිශ්‍රයට ගොස් අදාල ගොඩනැගිලි නිරීක්ෂණය කිරීම සදහා (11) කටයුතු කළේය. ඒ අනුව හදුනාගත් අවධානම් සහිත ගොඩනැගිලි සම්බන්ධයෙන් පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව දැනුවත් කර කඩිනමින් ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාරවරයා විසින් පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා වෙත මෙහිදී උපදෙස් ලබාදීම සිදුවිය. මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.අයි අන්දරගේ, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එල්.බී. විජේරත්න යන මහත්ම මහත්මීන් ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook