ලක් මව රනින් සැරසූ තරුෂිට පාසලෙන්  උපහාර.

ලක් මව රනින් සැරසූ තරුෂිට පාසලෙන් උපහාර.

ලක් මව රනින් සැරසූ තරුෂිට පාසලෙන් උපහාර. 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී වසර 21 කට පසුව මලල ක්‍රීඩාවෙන් ලක් මාතාව රනින් බැබල වූ වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණිය තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතාහට උපහාර පිදීමේ උළෙලක් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා ගේ ප්‍රධානත්වයෙන් (13දින) පැවැත්විණ. මෙම උපහාර උළෙල අංග රැසකින් සමන්විත විය. දිගන නගර මධ්‍යයේ දී ප්‍රදේශවාසින් විසින් තරුෂි හා පුහුණුකරු පිළිගෙන උපහාර දැක්වීම සිදුකළ අතර එහි සිට රථ පෙළපාලියකින් මැණික්හින්න නගරය වෙත පැමිණ එහිදී රාජ්‍ය නිලධාරින් හා වෙළද ප්‍රජාවගේ උපහාර හා ගෞරවය මාධ්‍යයේ තූර්යවාදක කණ්ඩායම් පෙරටුව පාසලේ දරුවන්ගේ ආශිර්වාදය මධ්‍යයේ සිය පාසල වෙත කැදවාගෙන එනු ලැබීම සිදු විය.මෙම උපහාර උළෙලේ දී තරුෂී කරුණාරත්න ක්‍රීඩිකාව හා ඇයගේ පුහුණූකරු සුසන්ත ප්‍රනාන්දු මහතා විශේෂ උපහාර තිළිණයෙන් පිදුම් ලද අතර විදුහලේ ක්‍රීඩාභාර ආචාර්යවරුන් හා පුහුුකරුවන් හටද උපහාර දැක්වීම සිදුවිය.මෙම උපහාර පිදීමේ උත්සව සභාවේ දී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා අදහස් දක්වමින්,තරුෂි දියණියගේ ඉල්ලීම අනුව වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ අඩුපාඩු සහිත ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා උපදෙස් අනුව එම කාර්යය ආරම්භ කිරීමට විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂාව සදහා මේ වන විට පාසල වෙත පැමිණ ඇති බවත් ලේකම්වරයා දැන්විය.එසේම දිගන පළාත් සභා ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සඳහා වලල ක්‍රීඩා පාසලේ දරුවන් හට සහ ජාතික මට්ටමේ දක්ෂතා සිටින පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මුදල් අය කිරීමකින් තොරව ක්‍රීඩාංගනය හා කායවර්ධන මධ්‍යස්ථානය ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් පැවසිය.ක්‍රීඩා පාසලේ දරුවන් ගේ පෝෂණ තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රීඩා පාසලේ දරුවන් සඳහා ලබා දෙන පෝෂණ දීමනාව රුපියල් 5000 සිට 10500 දක්වා වැඩි කිරීමට කටයුතු යොදා ඇති බව ද කී ලේකම්වරයා ක්‍රීඩා පාසල සදහා හැකි සියළු පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද දැන්වීය.අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් සභා ක්‍රීඩා අමාත්‍යංශය හා මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මධ්‍යම පළාතේ ක්‍රීඩාව දියුණූ කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ක්‍රීඩා ඇකඩමියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද එමගින් පාසල් අධ්‍යාපනය අවසන් වුවත් එම ක්‍රීඩකයන්ගේ අනාගතය සුරක්ෂීත කිරීම ,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒමට හා ඔවුන් රැකබලා ගනිමින් රැකියා ගන්වන වැඩසටහනක් දක්වා ගෙනයාමට අපේක්ෂිත බව ද කීවේය.මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ විදුහල්පති ධම්මික හේරත් , ආදී වලල ක්‍රීඩා සංගමයේ සභාපති සමන්ත පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුළු සාමාජියින් , ජාතික හා ජාත්‍යන්තරය ජයගත් ආදී වලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වු අතර මෙම වැඩසටහන වලල ඒ රත්නායක විදුහලේ ආදී ක්‍රීඩා සංගමය හා ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කොට පැවතුණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook