මිණිපේ අමුණ සහ මිණිපේ යෝධ ඇළ, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන" මගින් නවීකරණය කොට ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන

මිණිපේ අමුණ සහ මිණිපේ යෝධ ඇළ, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන" මගින් නවීකරණය කොට ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන

මහවැලි ගොවි ජනපදකරණයේ පළමු ගොවි ජනපදය ලෙස සැලකෙන මිණිපේ ගොවි ජනපදය පෝෂණය වූ ඓතිහාසික මිණිපේ අමුණ සහ මිණිපේ යෝධ ඇළ, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන" මගින් නවීකරණය කොට ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන පසුගියදා මිණිපේ අමුණ සහිත පරිශ්‍රයේ දී සිදු කරන ලදි.මහවැලි ගඟෙන් පෝෂණය වන රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ වලට පහළින් පිහිටමින්, රන්ටැඹේ ජලාශ මගින් විදුලි උත්පාදනය කිරීමෙන් අනතුරුව ඉවත්වන ජලයෙන් මිණිපේ ගොවීහු සිය ගොවිතැන් කටයුතු සිදුකළ අතර, දිනය පුරා ජලය නොලැබීම හේතුවෙන් ඔවුන් වසර ගණනාවක සිට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටියහ.මෙම මිණිපේ වම් ඉවුර පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය හරහා අමුණ මීටර් 3.5ක් දක්වා එසවීම තුළින් ගබඩා වන ජලය භාවිතා කරමින් යල සහ මහ දෙකන්නයම අඛණ්ඩව බාධාවකින් තොරව වගා කිරීමේ හැකියාව ද, ජල හැරවුම් 161ක්, විදුලිය මගින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය දොරටු 8ක් තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කිරිම ද , ප්‍රධාන සොරොව්වක්, වැලි සොරොව්වක් හා මීටර් 320කින් සමන්විත කොන්ක්‍රීට් බැම්මකින් ද සමන්විත ය. මේ හරහා හෙක්ටයාර් 7500ක් ගොවි පවුල් 15000ක් සඳහා ප්‍රතිලාභ හිමිවීම සුවිශේෂී කරුණකි.මෙහිදී මිණිපේ වාරි පද්ධතිය සිය ධනයෙන් හා ශ්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මුලික වූ හේරත් බණ්ඩා රඹුක්වැල්ලේ දිසාවේට කෘතගුණ සැලකීමක් ලෙස එතුමාගේ ස්මාරක පිළිරුවක් නිරාවරණය කිරීම ද මෙහෙදී සිදු කරන ලදි.මෙම අවස්ථාව සදහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මැතිතුමා, චයිනා ගෂුබා ගෲප් කොපරේෂන් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරු සුවේ (XUEWEI) මහතා, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එම්.ඒ. කවිරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා, මහවැලි ජල සුරක්ෂිතතා අයෝජන වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තා.සේ.) නිලන්ත ධනපාල මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, ගොවි සංවිධානවල නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook