
පළාත් පාලන ආයතනයන්හි ප්‍රගතිය සොයාබැලේ.
පළාත් පාලන ආයතනයන්හි ප්‍රගතිය සොයාබැලේ.
පළාත් පාලන ආයතනයන් විසින් යුනිසෙෆ් ආධාර යටතේ ක්‍රියාක්මක කරන ව්‍යාපෘතින්වල ප්‍රගතිය සොයාබැලීමේ සාකච්ඡාවක් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවයාලතැන්න පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.
මෙහිදී ජල මූලාශ්‍ර සංරක්ෂණය පිළිබඳ අතුරුව්‍යවස්ථාව , කසල කළමණාකරණය හා හිග ආදායම් එකතු කිරිම පිළිබද ප්‍රගතිය සාකච්ඡා කෙරිණ.
2024 වර්ෂය සදහා අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකරන ලද අතර නගර අලංකරණය පිළිබඳව නිර්මාණශිලි නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කෙරිණ.
මෙම අවස්ථාවට මහනුවර,මාතලේ හා නුවරඵළිය දිස්ත්‍රික්කයන්හි පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, නාගරීක කොමසාරිස්වරුන්, සභා ලේකම්වරුන්,පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන විමර්ශණ හා ප්‍රජා සංවර්ධන නිළධාරින් හා සහකාර අධ්‍යක්ෂ ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගි විය.