
දිලිදුකම් පිටුදැකීමේ සතියට සමගාමිව පාතදුම්බරින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණ.
දිලිදුකම් පිටුදැකීමේ සතියට සමගාමිව පාතදුම්බරින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. පාතදුම්බර ප්‍රාදේශීය සභාව ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , සමෘද්ධි අංශය එක්ව බල ප්‍රදේශයේ ජනතාවගේ ජිවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන සමාජ සුභසාධන වැඩසටහන් මාලවේ තවත් එක් වැඩසටහනක් ඉකුත්දා (20) ක්‍රියාත්මක කෙරිණ.
බල ප්‍රදේශයේ පවතින සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩසටහන් දියත් කිරීම විශේෂත්වයක් වන අතර මෙහිදී මීගමවත්ත ළමා නිවාසයට අවශ්‍ය වියලි ආහාර සහනාධාර ලබා දීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියාණි ධර්මරත්න , සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.