මහනුවර වෙළෙඳ ප්‍රජාවේ ගැටලු විසඳීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවේ.

මහනුවර වෙළෙඳ ප්‍රජාවේ ගැටලු විසඳීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවේ.

මහනුවර වෙළෙඳ ප්‍රජාවේ ගැටලු විසඳීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවේ. මහනුවර දුම්රිය පොළ පාරට යාබදව පිහිටි මහනුවර මහා නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණයේ ගැටලු විමසා බැලීම අරමුණු කරගත් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 24 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් එහි වෙළෙඳ ප්‍රජාවේ නියෝජිතයන් සඳහන් කළේ වාහන නැවතීමේ පහසුකම් ඇතුළු ප්‍රමාණවත් මහජන පිවිසුම් නොමැති වීම නිසා සිය ආදායම් තත්ත්වය පහළ බැස ඇති බවයි. එසේම මහනුවර මහා නගර සභාව විසින් අය කරනු ලබන කඩ කුලී සම්බන්ධයෙන්ද ඔවුහු නොසතුට පළ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියද,මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා හා නියෝජ්‍ය නාගරික කොමසාරිස් ප්‍රභාත් මද්දුමආරච්චි මහතාද එම ගැටලු විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහ.ආණ්ඩුකාර ගමගේ මහතා මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා හා නියෝජ්‍ය නාගරික කොමසාරිස් ප්‍රභාත් මද්දුමආරච්චි මහතා වෙත දන්වා සිටියේ විශේෂයෙන්ම කඩ කුලී පිළිබඳ යම් සහනයක් වෙළෙඳ ප්‍රජාව වෙත ලබා දීම වෙනුවෙන් වන සාධාරණීකරණ වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook