“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට.

“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට.

“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට. අනාගත දරු පරම්පරාව දැනුමැති පුද්ගලයින් බවට පත් කිරීමේදී කියවිමේ පුරුද්ද ගොඩනගානැගීම මේ යුගයේ කාලින අවශ්‍යතාවයක් බවට පත්වී ඇති බවත්, පුර්ව ළමාවියේ සිට මෙය පුරුද්දක් ලෙස ගොඩනගා ගැනීමෙන් ජිවිතයේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් ලැබෙන බව මධ්‍යම පළාත් පළාත් පලාන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය පවසයි. “කියවන රටක් - දැනුමැති හෙටක්” යන තේමාව යටතේ ජාතික කියවීමේ මාසයට සමගාමිව වත්තේගම නගර සභාව මගින් ස්ථාපිත කරන ලද ළමා පුස්තකාලය හා කියවීම් ශාලාව ජනසතු කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහත්මිය මෙලෙස පැවසිය. මෙම උත්සවය ඒ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) වත්තේගම නගරයේ දී සිදු කෙරින. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පළාත් පලාන කොමසාරිස්වරිය , රටක් ලෙස ඉදිරි ගමනක් සදහා වඩා හරවත් වූ ක්‍රියාවලින් සමාජ ගත කිරීමේ කාර්යයයේදී පළාත් පලාන ආයතන මගින් නාගරීක හා ග්‍රාමීය ප්‍රජාව වෙත වඩා හිතකර හා කාර්යයක්ෂම සේවාවක් ලබාදීම සිදු කරනු ලබන බවත්, පළාතේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් මහජන පුස්තකාල සේවාවන් මගින් දරුවා සමාජගත කිරීම සදහා පදනමක් ගොඩනැගීමට වැඩි දායකත්වයක් ලබාදෙන බව ද පැවසිය. වත්තේගම ප්‍රදේශයේ ජිවත් වූ ඉන්දීය ජාතික එස්.නඩේෂන් මහතාගේ පවුලේ අය විසින් මිට වසර 45කට ඉහතදී වත්තේගම නාගරික ප්‍රදේශයේ පිහිටි මෙම භුමිය නගර සභාව වෙත පවරා දී ඇත්තේ ළමුන් සදහා කියවීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරිම වෙනුවෙනි. එම අරමුණ ඉටු කරමින් පසුගිය සභාවේ අනුමැතියෙන් හා ඒකමතිකත්වයෙන් වත්තේගම නගර සභාව විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකර නාගරික ප්‍රදේශයේ දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු යොදා ඇති අතර මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 35කි. මෙහිදී දරුවන් වෙත පුස්තකාල සාමාජිකත්වය පිරිනැමීම ද සිදු කෙරින. මෙම අවස්ථාව සදහා නගර සභාවේ හිටපු උප සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු හිටපු මන්ත්‍රිවරුන් , නගර සභාවේ ලේකම් පි.එස්.බි.මඩුගල්ලේ , පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානි ධර්මරත්න , විමර්ශන නිලධාරින් ,ප්‍රජා සංවර්ධන නිලධාරින් ,අවට විදුහල්වල විදුහල්පතිවරුන් , පුස්තාකාල සංවර්ධන කමිටු සාමාජිකයින්, බැංකු කළමනාකරුවන් , විමර්ශන නිලධාරින් ,ප්‍රජා සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook