වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ (ක්‍රීඩා පාසලේ) 2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙල.

වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ (ක්‍රීඩා පාසලේ) 2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙල.

ක්‍රීඩාවේ නොමැකෙන සන්නාමය වත්තේගම අධ්‍යාපන කලාපයේ වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ (ක්‍රීඩා පාසලේ) 2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (04) විද්‍යාලිය ක්‍රීඩා පිටියේදී පැවැත්විණ. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය ඉහලට ඔසවා තැබීමට ඉහල දායකත්වයක් ලබාදෙමින් නගරයට සීමාවී පැවති ක්‍රීඩාව ග්‍රාමීය තලයට ගෙන එමින් දරුවන්ගේ කුසලතා නිවරදි ව හදුනා ගෙන අති දක්ශ ක්‍රිඩක පරපුරක් බිහි කිරිමෙහි ලා ප්‍රමුඛ කාර්‍යයක් ඉටු කරනු ලබන වලල ඒ රත්නායක විදුහල මේ දක්වා සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශුරතාවයන් 94ක්, ජාත්‍යන්තර පදක්කම් 59ක් දිනා ගැනිමට සමත් ව ඇත. අනාගත ක්‍රිඩක පිරිසක් බිහි කිරිමේහි ලා ක්‍රීඩා ක්ෂේත්‍රයට විද්‍යාපීඨ ක්‍රීඩා ගුරුවරුන් 400කට අධික ප්‍රමාණයක් දායාද කිරිමට ද මෙම විදුබිම්ට හැකියාව ලැබි ඇත. මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා , ක්‍රීඩා පාසැලක තිබිය යුතු විනය ඉතා උසස් මට්ටමින් පැවතිම අගය කරන බවත්, සමස්ත පාසල් පද්ධතියෙන්ම අපේක්ෂා කරනුයේ මෙවැනි විනයවත් ,ගුණගරුක වූ පිරිසක් සමාජගත කිරීම බව පැවසිය. අධ්‍යාපන ප්‍රතිපල මෙන්ම දරුවන්ගේ කුසලතා වර්ධන කිරීම කාලින වටිනාකම් ගෙනදෙන්නක් බවත් , ක්‍රීඩාවෙන් මෙන්ම සමාජ යහපැවැත්ම වෙනුවෙන් දරුවන් සමාජගත කිරීමේදී පාසලෙන් ලබන විනයවත් බව සමාජගත වීම කාලින අවශ්‍යතාවයක් වී ඇති බවත් , විනයගරුක ,ගුණගරුක සමාජයකට අවශ්‍ය පදනම ගිලිහුණහොත් එය රටේම ව්‍යසනයට ප්‍රබල හේතුවක් වන බව ද ලේකම්වරයා කිය. විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ධම්මික හේරත් මහතාගේ මගපෙන්විම හා උපදෙස් මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය වු අතර මෙම උත්සවය සදහා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , අධ්‍යාපන අමාතංශයේ සැලසුම් අධ්‍යක්ෂ ටි.කේ.ඩි.හේරත් , වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ සහ ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook