නගර අලංකරණය සදහා හසලකදී රුක් රෝපණ වැඩසටහනක් .

නගර අලංකරණය සදහා හසලකදී රුක් රෝපණ වැඩසටහනක් .

නගර අලංකරණය සදහා හසලකදී රුක් රෝපණ වැඩසටහනක් . හසලක, සුවදායී හා පරිසර හිතකාමී නගරයක් සේ පවත්වා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන විශේෂ නගර අලංකරණ රුක් රෝපණ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. මිනිපේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සමගාමීව නගරයේ ඉවතලන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම සදහා කසළ බඳුන් ස්ථාන ගත කිරීමක් ද සංවිධානය කොට තිබිණි. මෙම අවස්ථාවනට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කමල් බෙලිගොල්ල ,මිනිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් අබේසිංහ යන මහත්වරුද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, පළාත් පළාත් කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද,ටෝකියෝ සිමෙන්ති ආයතනයේ මෙහෙයුම් කළමනාකරු සාලින්ද කටුපොල මහතා හා මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයද, ප්‍රදේශවාසීහුද එක්ව සිටියහ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook