
මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව තනතුරු දෙකක් සදහා නව පත්වීම්.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව පැවති තනතුරු දෙකක් සදහා පත්වීම් පිරිනැමීම පසුගියදා පල්ලෙකැලේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස් ලෙස කේ.ජි.පි.ජේ.කටුපුල්ල මහතා සහ මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තු ගත) ඒ.එම්.ආර්.බී.අබේකෝන් මහතා වෙත මෙහිදී පත්වීම් ලිපි පිරිනැමීම සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමචන්ද්‍ර , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන ) සි. ඉලංගකෝන් , පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.