
මාර්ගගත ක්‍රමයට නොමිලේ හින්දි භාෂාව පාඨමාලාවක් ආරම්භ වෙයි .
ඉන්දියානු සහකාර මහා කොමසාරිස් කාර්යාලය හා වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන හින්දි භාෂාව පාඨමාලාවේ සමාරම්භය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉන්දියානු සහකාර කොමසාරිස් ආචාර්ය එස්. අතිරා මහත්මිය ඊයේ (20) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
සංස්කෘතියක් යා කරන පාළම වන්නේ භාෂාවයි. එබැවින් සංස්කෘතික අනන්‍යතා සුරකිමින් සංස්කෘතියට ගරු කරන සමාජයක් බිහි කිරීමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වෙමින් සංචාරක කර්මාන්තයට අත්වැලක් සැපයීමේ අරමුණත් පෙරදැරිව මෙම හින්දි භාෂා පාඨමාලාව ඉන්දියානු සහකාර කොමසාරිස් කාර්යාලය විසින් හඳුන්වා දී ඇත.
සෑම සඳුදා දිනකම මාර්ගගත ක්‍රමයට මෙම හින්දි භාෂා පාඨමාලාව නොමිලයේ පැවැත්වේ. මෙහිදී අදහස් දැක්වූ ගමගේ මහතා ඉන්දියානු සහකාර කොමසාරිස් කාර්යාලය හා පළාත් සංචාරක දෙපාර්තමේන්තුව එවැනි වැඩසටහන් සංවිධානය කිරීම මගින් ආර්ථිකයට ලබාදෙන සහයෝගය පිළිබඳව මෙහිදී ස්තුතිය පළ කළේය.
එසේම හින්දි භාෂා පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් ද පිරිනැමිණි. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ඉන්දියානු මහ කොමසාරිස් ආචාර්ය එස්. අතිරා මහත්මිය, වෙළඳ ,වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතා හා පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.