
පේෂ කර්මාන්තයේ ප්‍රගතිය සතුටුදායකයි.
පේෂ කර්මාන්තයේ ප්‍රගතිය සතුටුදායකයි.
දේශීය කර්මාන්ත නඟා සිටුවීම මේ යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවත්, පේෂකර්මාන්තයට මෙහිලා මුල්තැනක් හිමිවන බවත්, පසුගිය සමයේ පළාතේ පේෂකර්මාන්තයේ ප්‍රගතිය සතුටුදායක බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි. එසේම පෙරදී මෙන් නොව මේ වන විට උගත් හා කාර්යශූර තරුණ තරුණියන් පේෂකර්මාන්තයට එක්වෙමින් සිටින බවත්, එය අතිශයින්ම යහපත් ප්‍රවණතාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේ මධ්‍යම පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව ‘පෙහෙකම් ප්‍රභා’ මැයෙන් වාර්ෂිකව පවත්වන පෙෂකර්මාන්තයේ නිරත පිරිස් ඇගැයීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. ඊයේ (24) මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි පැවති මේ උළෙල සංවිධානය කළේ පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා මහත්මිය ප්‍රමුඛ පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයයි.
පළාත් පේෂකර්මාන්ත තරග ජයගත් පේෂකාර්මිකාවන් ඇතුළු පිරිස් වෙත සහතික පත් හා මූල්‍ය ත්‍යාග පිරිනැමීමටද දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබිණි. පළාතේ ජ්‍යෙෂ්ඨතම පේෂකාර්මිකාවන් ඇගැයීමේ හා ඉහළ ආදායමක් පළාත් සභාව වෙත ලබා දුන් පේෂකර්මාන්ත මධ්‍යස්ථාන ඇගයීමේ අවස්ථාවටද ආණ්ඩුකාර ගමගේ මහතා එක්ව සිටියේය.
පළාතේ පේෂකර්මාන්තයේ අනන්‍යතාව හා විශිෂ්ටත්වය ගෙන හැර පෑ විලාසිතා දැක්මක්ද පැවැත්විණි.
උළෙලට සමගාමීව පළාතේ පේෂකර්මාන්ත මධ්‍යස්ථාන විසින් නිෂ්පාදනය කරන ලද රෙදිපිළි අලෙවියක්ද ආරම්භ කෙරිණ. මෙය දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය.
ගමගේ මැතිනියද, පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද උළෙල හා එක්ව සිටියහ.