
මධ්‍යම පළාතේ පාසල් දරුවන්හට පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහන මාතලේ දී.
මධ්‍යම පළාතේ පාසල් දරුවන්හට පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහන මාතලේ දී.
මධ්‍යම පළාතේ පාසල්වල දරුවන් වෙත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කිරිමැටියාව, ඔවිලිකන්ද , මහානාම ප්‍රාථමික විද්‍යාලයේදී (04) පැවැත්විණ.ජාතික වැඩසටහනට සමගාමිව පැවැත්වූ මෙම පළාත් වැඩසටහනේ දී මෙම පාසලේ දරුවන් වෙත පාවහන් තිළිණපත් සංකේතවත් කරමින් ලබාදීම සිදු වූ අතර , මධ්‍යම පළාතේ පාසල් 574ක දරුවන් වෙත මෙම පාවහන් තිළිණපත් ලබාදීමට නියමිතය. මේ පාසල් අතර ඇති දුෂ්කර පාසල් 151ක් , දුෂ්කර පාසල් 295ක් හා හුදකලා පාසල් 128ක් වෙත ලබාදීමට නියමිත අතර , පළාතේ පවතින පිරිවෙන් 116ක් ද ඇතුළුව පළාතේ දරුවන් ලක්ෂයකට අදික ප්‍රමාණයකට මෙම පාවහන් තිළිණපත් ලබාදීමට නියමිතය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි , අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන (ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස) , පාසලේ විදුහල්පති එස්.එම්.පි.බණ්ඩාර යන මහත්ම මහත්මීන් , රාජ්‍ය නිලධාරින් , දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.