
පළාත් ආණ්ඩුකාරවරයාගේ සිවු වසරක සේවාව ඇගයේ.
පළාත් ආණ්ඩුකාරවරයාගේ සිවු වසරක සේවාව ඇගයේ.
මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගෙවී ගිය සිව් වසක කාලය තුල මධ්‍යම පළාත සඳහා කළ සේවය හා කැපවීම අගයනු සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රමුඛ මධ්‍යම පළාත් සභාව විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ ඇගයීම් වැඩසටහනක් පසුගියදා (08) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ ආණ්ඩුකාර ගමගේ මහතා සහ ගමගේ මහත්මියයි.මෙහිදී , පසුගිය වසර වල අධ්‍යයන පොදු සහතීක පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලින් ජාතික මට්ටමේ ජයග්‍රහණ වාර්තා කල දරුවන් වෙත විශේෂ ත්‍යාග හා මුල්‍ය ප්‍රදානයයන් සිදු කෙරනු අතර මහමාය බාලිකා විද්‍යාලයේ සමාධි අනුරාධා රණවක දියණිය ඇතුළු දරුවන් හය දෙනෙක් ඇගයීමට ලක් විය. අධ්‍යාපනවේදී උපාධිධාරීන් 42 සඳහා නව ගුරු පත්වීම් පිරිනැමීම, තොරතුරු තාක්ෂණ නිලධාරීන් සය දෙනෙකු සහ අභ්‍යන්තර විගණන 17 දෙනෙකු වෙත පත්වීම ප්‍රදානය , ආබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම, අඩු ආදායම්ලාභී පවුල්වල පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන්ට නිදහස් ගමන් බලපත්‍ර ලබාදීම, වන සත්ව හානිවලින් වගා ආරක්ෂා කිරීම පිණිස ගොවීන් වෙත විදුලිවැට හා ගැල්වනයිස් වැට ආවරණ ලබා දීම, ආරක්‍ෂිත ගෘහ තුළ වගා කටයුතු ප්‍රවර්ධනය ට ගොවින් විසින් ඉදිකරන ලද ආරක්‍ෂිත ගෘහ සඳහා සංකේතාත්මක ලෙස රජයේ දායකත්ව චෙක්පත් ලබාදීම, කිරිගොවිපල සහයක NVQ පුහුණු පාඨමාලාවේ පුහුණුලාභීන් 42 සඳහා සහතික පත්‍ර ලබාදීම යන ප්‍රතිලාභ ගනනාවක් බෙදා දෙනු ලැබිය. ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ COPA ඇගයීම් උළෙලේදී සම්මාන ලැබූ මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන රන් , රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූ ආයතන ඇගයීම ද මෙහිදී සිදු විය . සංස්කෘතිකාංග කිහිපයකින් වැඩසටහන අලංකෘත වූ මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි නිමලසිරි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් හා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් , ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය .