අලුවිහාරේදී පෙහෙකම් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් හා අලෙවි සැලක් විවෘත කෙරේ.

අලුවිහාරේදී පෙහෙකම් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් හා අලෙවි සැලක් විවෘත කෙරේ.

අලුවිහාරේදී පෙහෙකම් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් හා අලෙවි සැලක් විවෘත කෙරේ මධ්‍යම පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ නවතම පේෂකර්මාන්ත ප්‍රදර්ශනාගාරය හා අලෙවි සැල පසුගියදා මාතලේ, අලුවිහාරේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් පාරිභෝගික ජනතාව සඳහා විවෘත කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ ඉඩ කඩ ඇති ආකර්ෂණීය ස්ථානයක මෙම ප්‍රදර්ශනාගාරය හා අලෙවි සැල ආරම්භ කිරීම සඳහා දෙපාර්තමේන්තුව දැරූ වෙහෙස තමා මහත් සේ අගය කරන බවය. මෙවර අය වැය යෝජනා වෙතින් පේෂකර්මාන්තයට ප්‍රමුඛස්ථානයක් ලබා දීමට කටයුතු කිරීම අගය කළ ආණ්ඩුකාර ගමගේ මහතා පේෂකර්මාන්ත නිෂ්පාදන ආදියෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාවද සිහිපත් කළේය. එසේම පේෂකර්මාන්තයට තරුණ ප්‍රජාව එක් කර ගැනීමේ වැදගත්කමද ගමගේ මහතා පෙන්වා දුන්නේය. මේ අවස්ථාවට කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ද, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා, පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook