මාතලේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් පොත් කට්ටල ලබාදීමේ වැඩසහනක් .

මාතලේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් පොත් කට්ටල ලබාදීමේ වැඩසහනක් .

මාතලේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් පොත් කට්ටල ලබාදීමේ වැඩසහනක් . රොබෝවරුන් වගේ දරුවන් සමාජගත කිරීම නොව, අධ්‍යාපනයේ ප්‍රමුඛ අරමුණ වන්නේ සාරධර්ම වලින් පිරිපුන් දරු පරපුරක් රටට දායාද කිරීමයි. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලන සමාජයක් නොව වගකීම් ඉටු කරන සමාජයක් ගොඩ නැගීමේ කාලය අද උදාවෙලා තියෙනවා. අධ්‍යාපනය, රැකියාව අරගල වලට සීමා නොකොට අයිතීන් වෙනුවට තම වගකීම් හා යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරීමට සැවොම පෙරට ආ යුතු කාලය අද උදාවී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ මාතලේ නගරික බල ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් පොත් කට්ටල ලබාදීමේ වැඩසහනක් සඳහා පසුගිය දා (14) එක් වෙමිනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සිව් වස් පූර්ණය නිමිතිකොට ගෙන මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන මත මෙම වැඩසටහන මාතලේ නගර ශාලාවේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින. මෙහිදී තෝරාගත් පාසල් සිසු සිසුවියන් හා පෙර පාසල් දරුවන් දහසකට අධික පිරිසක් වෙත පොත් පත් බෙදා දීම සිදු කරන ලදී. මෙහිදි මධ්‍යම පළාත වෙනුවෙන් සිව්වසරක කාලය තුළ දී පළාත් ආණ්ඩුකාරවර ගමගේ මහතා විසින් සිදුකල සුවිශේෂී මෙහෙවර ඇගයීම වෙනුවෙන් මාතලේ මහනගර සභාවේ සැලසුම් ශිල්පී ඥානා නාගොල්ල මහත්මිය විසින් රචනා කරන ලද “සිව් වසරක පිය සටහන්” ග්‍රන්ථයක් එළි දැක්වම ද සිදු විය. මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ,පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, සහකාර පළාත් පාලන කොමසාරිස් (මාතලේ) එම්. හින්කෙන්ද, මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නිශාන්ත මාධූවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක් ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook