මධ්‍යම පළාත් ක්‍රීඩා උපහාර උළෙල හා වර්ණ ප්‍රධානෝත්සවය පල්ලේකැලේදී

මධ්‍යම පළාත් ක්‍රීඩා උපහාර උළෙල හා වර්ණ ප්‍රධානෝත්සවය පල්ලේකැලේදී

මධ්‍යම පළාත් ක්‍රීඩා උපහාර උළෙල හා වර්ණ ප්‍රධානෝත්සවය පල්ලේකැලේදී මධ්‍යම පළාත් ක්‍රීඩා උපහාර උළෙල හා වර්ණ ප්‍රධානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී 18 දින පැවැත්විණ. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී සමස්ත අනුශූරතාවය හිමිකර ගනිමින් මධ්‍යම පලාතට අභිමානයක් ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම හා ඔවුන්හට මුල්‍ය ත්‍යාගයන් පිරිනැමීම මෙහිදී සිදු කරන ලදී. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදීයර ලෙස අන්තර් ක්‍රීඩා සමාජ තරග සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 36හි තරග ඉසව් 1368 කට ආසන්න ප්‍රමාණයක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7000 ක පමණ ප්‍රමාණයක් හා දෙවන අධියර ලෙස දිස්ත්‍රික් ක්‍රීඩා තරගාවලි මධ්‍යම පළාතේ දිස්ත්‍රික් තුනට අදාලව මෙවර ඉසව් 132 කට ආසන්න ප්‍රමාණයක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ක් පමණ සහභාගි වී ඇත. එසේම තෙවන අදීයර ලෙසින් අන්තර් දිස්ත්‍රික් තරග හෙවත් පළාත් ක්‍රීඩා තරග සදහා ඉසව් 60 කට ආසන්න ප්‍රමාණයකට අදාලව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 පමණ සහභාගි විය. හතරවන අදීයර වශයෙන් ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වේ. ජාතික සහ ජාත්‍යන්තර පරිසාධන මට්ටම් සම්පූර්ණ කල ක්‍රීඩක ක්‍රිඩීකාවන් මේ සදහා සුදුසුකම් ලබාගනී. ඒ අනුව 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 245 දෙනෙකු සහභාගී වී රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 45 හා ලෝකඩ පදක්කම් 50ක් සමගින් සමස්ත පදක්කම් 134ක් දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් වූ අතර , සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍යම පළාතේ කේ.ඩී.එම්.දර්ශණ ක්‍රිඩකයා විසින් හිමි කර ගැනීම ද විශේෂත්වයකි. මෙම උපහාර උළෙලේදී තරග අංශ 20ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම හා පළාත් වර්ණ ප්‍රදානය සිදු කරන ලද අතර, 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී විවිධ ක්‍රීඩා ඉසව් වලින් දක්ෂතම ක්‍රීඩකයා , ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූ පළාතේ 13 දෙනෙකු වෙත විශේෂ මුදල් ත්‍යාග හා උපහාර පිදීම සිදු කරන ලදී. එසේම ශ්‍රී ලංකා නාමය ඉහලට ඔසවා තබමින් ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කල මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා විශේෂ ආධාර මුදල් ලබාදීම ද සිදු කරන ලද අතර, මෙහිදී ජුඩෝ ,බර එසවීම, මේස පන්දු , නෙට්බෝල් , මලල ක්‍රීඩා යන අංශ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු වෙත ආධාර ප්‍රදානය කිරීම සිදු කරන ලදී. මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම ඇගයීම් අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දන සමරකෝන් යන මහත්ම මහත්මින් , හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් , රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook