මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින රෝහල් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහනක්.

මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින රෝහල් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහනක්.

මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින රෝහල් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහනක්. සෞබ්‍යය සේවාවේ පහසුකම් ප්‍රවර්ධනය කරමින් මහජනයා වෙත යහපත් ගුණාත්මක සෞබ්‍යය සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින රෝහල් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහනක් ඉකුත්දා (22) මධ්‍යම පලාතෙන් ආරම්භ කෙරින. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල් වෙත යතුරු පැදි සංකේතවත්ව ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රදානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේදී සිදු විය. රසායනාගාර පහසුකම් පවතින රෝහල් වෙත පරීක්ෂණ සාම්පල් යොමු කිරීම වෙනුවෙන් හා විවිධ වාර්තාවන් ලබා ගැනීමේ පහසුව මෙන්ම අනෙකුත් සේවාවන් සදහා සහයක් ලෙස මෙම යතුරු පැදි යොදා ගැනීමට අපේක්ෂිත අතර ප්‍රාදේශීය සෞබ්‍යය සේවාවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 5.00 ක් මේ සදහා යොදවා ඇත. නව තාක්ෂණික උපාංග සහිතව ශ්‍රී ලංකාවේ 25% දායකත්වයෙන් මෙම යතුරු පැදි නිෂ්පානය කොට ඇති අතර , රත්තොට , විල්ගමුව , ගලේවෙල , ලග්ගල , මාදිපොල , දඹුල්ල , නාලන්ද හා යටවත්ත යන රෝහල්වෙත මෙදින යතුරු පැදි ලබාදීම මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , පළාත් සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසුරිය , මාතලේ දිස්ත්‍රික් සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook